Trulli

උණ්ඩ හරහා තුරුණු හදවත් සොරා ගත් අපේ කාලයේ රචකයා ටිලන්ත හන්සනාත් බණ්ඩාර.. ✍️

 


🔴 මොකද්ද මේ ඔබතුමාගේ උණ්ඩ කියල කියන්නෙ? 

උණ්ඩ කියන්නෙ මං අලුතින්ම එළි දැක්වීමට නියමිත මගේ පොත. ඒකට නම දාල තියෙන්නෙ උණ්ඩ කියලා.


🔴 ඇත්තටම උණ්ඩ කියන වචනයම අමුතු වචනයක්. මොකද්ද මේ නම දැමීමට හේතුව? 

උණ්ඩ කියන්නෙ වේදනාවක් ගෙන එන දෙයක්. මට හිතුනා අප පාවිච්චි කරන සමහර වචනයි උණ්ඩයි අතරෙ කිසිම වෙනසක් නැහැ කියලා.


🔴 ඔව්. මම දැක්කා ඔබතුමා ලියන බොහෝ වැකි වල සමාජයේ ජීවත් වන එක් එක් පුද්ගලයාට පහර ගැසීමක් සිදු වන බව. ඇත්තටම ඔබතුමා මට කියන්න සමාජයත් එක්ක ඔබතුමා සිටින්නේ තරහකින්ද? ඒ නිසාද ඔබ මෙහෙම ලියන්නෙ? 

කොහෙත්ම නැහැ. මම ලියන්නෙ ඇත්ත. බොහෝ විචාරකයන් සහ ලියන්නන් කරන්නෙ මිනිස්සු හුරතල් කරන එක. මම එහෙම නෙවෙයි. මම ඇත්ත කියනවා. ඒකයි මගේ වෙනස.


🔴 උණ්ඩ හරහා ඔබතුමා සමාජයට දෙන්න උත්සාහ කරන්නෙ මොකද්ද? 

එය මම මගේ පොතේ සඳහන් කර තිබෙනවා. වචන අනතුරුදායකයි. ප්‍රවේශමෙන් පරිහරණය කරන්න කියල කියන්නෙම පණිවිඩයක් තමයි. 


🔴 ඔබතුමා දක්ශ රචකයෙක්. ලියන්නෙක්. ඔබතුමාගේ ඉදිරි වැඩ කටයුතු ගැන කතා කලොත්? 

ඉදිරියට මම බලාපොරොත්තු වෙනවා මෙවැනිම කෘතීන් හරහා පාඨකයන් අතරට යන්න. ඒ වගේම සමාජයේ අසරණ මිනිසුන්ට උදව් කරමින් ඔවුන් වෙනුවෙන් දෙයක් කිරීමටත් වෙනුවෙන් මම මේ දිනවල සැලසුම් කරමින් සිටිනවා.


🔴 සමාජයේ සිටින මිනිසුන් වෙනුවෙන් දෙයක් කරන්න සැලසුම් කරනවා කියන එක පැහැදිලි කරන්න පුළුවන්ද? 

ඒ කියන්නෙ මම බලාපොරොත්තු වෙනවා සමාජ සත්කාරක ආයතනයක් පිහිටුවන්න. ඒ තුලින් මිනිසුන්ට පුළුවන් සීමා රහිතව මා හමුවීමටත් ඔවුන්ට අවශ්‍ය දේ මා හට පැවසීමටත්. මම හිතනවා ආධාර ගන්න අයදුම්පත්‍ර පුරවමින් කාලය නාස්ති කරනවා වෙනුවට මේක හොඳ දෙයක් වෙයි කියලා.


🔴 ඔබතුමාගේ මේ ආපු ගමන් මඟ ගැන ඔබතුමාට මොනවද හිතෙන්නේ? 

මේ ආපු ගමන් මඟ සුන්දර නැහැ. බොහෝ දුෂ්කර ගමනක් තමයි මම ආවෙ. නමුත්, මට සතුටුයි පැමිණි ඒ දුෂ්කර ගමන් මඟ අවසානයේ සාර්ථක කර ගැනීමට හැකි වීම පිළිබඳව. ඒ වගේම මා මෙය අවස්ථාවක් කර ගන්නවා මට උදව් කල අයට ස්තූති කිරීමටත්.


🔴 ඔබතුමාට අප සුභ පතනවා තව තවත් යහපත් දේ තුලින් බොහෝ කාලයක් මෙම ගමන් මඟ යන්නට හැකි වේවා කියා. ඒ වගේම අපත් සමඟ එකතු වූවාටත් ස්තූතියි.


ඔබටත් බොහෝම ස්තූතියි මේ සාකච්ඡාවට මම සම්බන්ධ කර ගත්තාට

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad